News & Events

 

ශ්‍රී ලංකා හෝටල් සංගමය සංවිධානය කළ ‘Rising Star Awards 2017’ හිදී

26-10-17

ශ්‍රී ලංකා හෝටල් සංගමය සංවිධානය කළ ‘Rising Star Awards 2017’ සම්මාන උළෙල පසුගියදා අති-උත්කර්ෂවත් ලෙස පැවැත්වි‚. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති මෙම උත්සවයට හෝටල් ක්ෂේත්‍රයේ කැපීපෙනෙන පුද්ගලයන් මෙන්ම ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන සම්භාවනීය අමුත්තෝ විශාල පිරිසක් සහභාගී වූහ. විනෝදාස්වාදය සපිරි සජීවී විවිධාංග රැසකින් මෙන්ම සාරගර්භ දේශන වලින්ද සමන්විත වූ මෙම උත්සවයේදී, හෝටල් ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයීම සඳහා ශ්‍රී ලංකා හෝටල් සංගමය විසින් පවත්වන ලද තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට සම්මාන හා සහතිකපත් පිරිනැමීම සිදුකෙරි‚.

ඉතාමත්ම තරගකාරී ලෙස පැවැත්වුණු මෙම තරගාවලියට දිවයින පුරා හෝටල් නියෝජනය කරමින් තරුණ තරු‚යෝ දහස් ගණනක් සහභාගී වූහ. කාණ්ඩ 9 ක් (Concierge, Receptionist, Public Area Attendant, Room Attendant, Steward, Kitchen Steward, Bartender, Pool Attendant iy Telephone Operator) යටතේ තරග වැදීමට තරගකරුවන්ට අවස්ථා හිමිවුණු අතර හෝටල් ක්ෂේත්‍රය ඇතුළුව විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රවීණයන් පිරිසකගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින්, දැඩි ඇගයුම් ක්‍රියාවලියකින් අනතුරුව තරගකරුවන් හා තරගකාරියන් 46 දෙනෙකු අවසන් වටයට තෝරාගන්නා ලදි.

මේ පිළිබඳව අදහස් දක්වමින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් මෙසේ පැවසී ය. "සංචාරක ව්‍යාපාරය දේශයේ තරුණ පරපුරට විවිධ මට්ටමේ වෘත්තීය අවස්ථා සම්පාදනය කිරීමේ හැකියාවෙන් යුක්තය. මෙවැනි වෘත්තීමය තරග නිර්මාණ කිරීම දේශීය තරුණ පරපුර සංචාරක ව්‍යාපාරයේ රැකියා අවස්ථාවල යෙදීමට සුදුසුකමක් ලෙස ද සැලකේ.˜

"ශ්‍රී ලංකාවේ පිහිටීම සංචාරක ව්‍යාපාරයට ඉතාමත් යෝග්‍යය. රට තුළ පැවැති යුදමය වාතාවරණය නිමාවී තිබීම තුළ සංචාරක ව්‍යාපාරයට යහපත් දිගු ගමනකට පිවිසිය හැකිව තිබේ. නව සංචාරක කලාව බිහිකිරීම මගින් විශාල රැකියා අවස්ථා බිහි වී තිබේ. ශ්‍රී ලංකා හෝටල් සංගමය සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීමෙහිලා ඉතා විශාල කර්තව්‍යයක් ඉටු කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳව ජනතාව අතර, සුබවාදී ආකල්ප ගොඩනගමින් සශී්‍රකත්වය කර ගෙනයාමටත් මගපාදන බව නොඅනුමානය.˜

Rising Star Awards 2017 හි ජයග්‍රාහකයන්ට සිය සුබපැතුම් එක්කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් සිය ප‚විඩයේදී මෙසේ අදහස් දක්වා තිබි‚. "ශ්‍රී ලංකාවේ හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සංවිධානය වන ශ්‍රී ලංකා හෝටල් සංගමය සංවිධානය කළ සුවිශේෂී වැඩසටහනක් වන මෙම වැඩසටහන වෙනුවෙන් මෙම සුබපැතුම් ප‚විඩය යොමුකිරීමට ලැබීම මට මහත් සතුටකි. රටේ හෝටල් කර්මාන්තයේ මෙන්ම සමස්තයක් ලෙස මුළු රටේම සාර්ථකත්වයට උරදෙන, ක්ෂේත්‍රයේ අවුරුදු 18 ත් 27 ත් අතර තරුණ තරු‚යන්ගේ දක්ෂතා අගය කිරීම සඳහා මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීම ඛෙහෙවින් අගය කළ යුතු වේ. 2017 වසරේදී zඅනිවාර්යයෙන් පැමි‚ය යුතු සංචාරක ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ඇගයීමට ලක්වූයේ මෙම පිරිසගේ උනන්දුව හා කැපවීම නිසා ය. රටේ තරුණ පරපුර සවිබල ගන්වමින් අනාගත නායකයන් නිර්මාණය කිරීම සඳහා මෙම වැඩසටහන අනෙකුත් ක්ෂේත්‍ර වලටද ආදර්ශයක් වේවා යන්න මාගේ ප්‍රාර්ථනයයි.˜

මේ ආකාරයට දීපව්‍යාප්ත මට්ටමින් මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීමට තුඩුදුන් හේතු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා මෙසේ පැවසී ය. "රටේ සේවා ක්ෂේත්‍රයට අවශ්‍ය කුසලතා සහිත වෘත්තිකයන්ගේ හිඟකම දැනටත් පවතින ගැටලූවක්. සේවා ක්ෂේත්‍රය අධික වේගයෙන් වර්ධනය වීම මෙන්ම පෙර නොවූවිරූ තරම් වේගයකින් නව හෝටල් විවෘත වීම නිසා දක්ෂතා සහිත තරුණ තරු‚යන් හෝටල් ක්ෂේත්‍රය වෙත ආකර්ෂණය කරගැනීම අත්‍යවශ්‍ය වී තිඛෙනවා. සිය අදායමෙන් 10% ක් සේවක සේවිකාවන් අතර ඛෙදාදෙන එකම ක්ෂේත්‍රය හෝටල් ක්ෂේත්‍රය වන අතර, මෙම සේවක සේවිකාවන්ට නිල ඇඳුම් සහ සේවා කාලයේදී නොමිලේ ආහාරපාන වැනි ප්‍රතිලාභද හිමි වීම විශේෂත්වයක්. එමෙන්ම ලොව පුරා විවිධ ජාතීන්ට හා විවිධ සංස්කෘතීන්ට අයත් පුද්ගලන් දැනහඳුනා ගැනීමේ අවස්ථාව හිමිවීම මෙම ක්ෂේත්‍රයේ තවත් සුවිශේෂී ලක්ෂණයක් ලෙස හැඳින්වීමට පුළුවන්.˜

"මේ ආකාරයට ‘Rising Star Awards 2017’ වැනි වැඩසටහනක් සංවිධානය කරමින් මෙම තරුණ තරු‚යන්ගේ දක්ෂතා ඇගයීමට හැකිවීම අපට විශාල සතුටක්. මෙම සම්මාන උළෙලේදී සම්මාන හා සහතික වලින් පිදුම් ලැබූ සියලූ දෙනාටම මගේ උණුසුම් සුබපැතුම් පිරිනැමීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා. ඉදිරියටත් මේ තරුණ තරු‚යන්ට තම දක්ෂතා මුවහත් කරගැනීමට අත්වැලක් වෙමින් ඔවුන්ට හෝටල් ක්ෂේත්‍රයේ අනාගත නායක නායිකාවන් බවට පත්වීම සඳහා මග විවර කරදීම අපගේ ඉලක්කයයි.˜ සනත් උක්වත්ත මහතා වැඩිදුරටත් පැවසී ය.

ශ්‍රී ලංකා සංචාරක හෝටල් සංගමය යනු ශ්‍රී ලංකාවේ සමස්ත හෝටල් ක්ෂේත්‍රය ආවරණය කරන ප්‍රධානතම සංවිධානය වේ. මේ වනවිට දිවයින පුරා විසිරුණු හෝටල් හා තානායම් 200 කට අධික සංඛ්‍යාවක් එම සංවිධානයේ සාමාජිකත්වය ලබාගෙන ඇත. මෙම හෝටල් අතරට කොළඹ පිහිටි තරු පහේ හෝටල් වල සිට වෙනත් තරු හෝටල් සහ Boutique වර්ගයේ හෝටල් දක්වා ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර හෝටල් සන්නාම, ප්‍රධාන පෙළේ හෝටල් සමූහ, ස්වාධීන හෝටල් හා තනි පුද්ගල ව්‍යාපාර ලෙස පවතින හෝටල් ඇතුළු හෝටල් රාශියක් ඇතුළත් වී තිබේ.

‘Rising Star Awards 2017’ හි ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්

  • Most Outstanding Bell Hop of the year 2017: Mr. Vishvanadan Vinoprasanth (Cinnamon Lakeside)

  • Most Outstanding Receptionist of the year 2017: Ms. T. Hettige Malisha (Jetwing Lighthouse)

  • Most Outstanding Public Area Attendant of the year 2017: Mr. John De Croos (Cinnamon Red)

  • Most Outstanding Room Attendant of the year 2017: Mr. M.S. Piumal Charuka (Jetwing Beach)

  • Most Outstanding Steward of the year 2017: Mr. Selvarasu Kumar Shanker (Cinnamon Grand)

  • Most Outstanding Kitchen Steward of the year 2017: Mr. R.P.V. Madushanka Gunarathne (Heritance Kandalama)

  • Most Outstanding Bartender of the year 2017: Ms. L.B. Maduka Priyadarshani (Cinnamon Lakeside)

  • Most Outstanding Pool Attendant of the year 2017: Mr. Dinuka Dhananjaya (Cinnamon Grand)

  • Most Outstanding Telephone Operator of the year 2017: Ms. Julani Veronica (Cinnamon Red)

  • Most Popular Rising Star 2017: Mr. Vishan Wijewickrama (Heritance Kandalama)

The Winners of ‘Rising Star Awards 2017’ posing for a group photograph with Hon. Minister Dr. Sarath Amunugama, Hon. Minister John Amaratunga and Hon. Minister Daya Gamage

Mr. Sanath Ukwatte- President of The Hotels Association of Sri Lanka, delivering the welcome speech at ‘Rising Star Awards 2017’

The Chief Guest of the event Hon. Minister Dr. Sarath Amunugama at Rising Star Awards 2017

Guest of Honour, Hon. Minister John Amaratunga at Rising Star Awards 2017